www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියගේ තටු සිඳලූ මිස් කෝල්; මෝටර් රථය තුළදී අතවර කරමින් වීඩියෝ කළ නරුමයා රිමාන්ඞ්


2019-06-12 12:54:42 -  529 යි

අවුරුදු 15 ක් වයසැති බාලවයස්කාර දැරියකට මෝටර් රථයක් තුළදී අතවර කර එම අතවර කිරීම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එම දැරියගේ ඥාතියකුගේ ජංගම දුරකථනයකට එම අසභ්‍ය දර්ශන ඇතුළත් කළ සැකකරුවකු ලබන 26 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා 11 වැනිදා නියම කළේය.
 
 අනුරාධපුරය, පහළවැව පදිංචිකරුවකු වන මලින්ද තාරුක ජයදේව නමැති සැකකරුව මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.
 
 වැරදුන දුරකථන ඇමතුමකින් සැකකරු සහ වින්දිත දැරිය හඳුනාගෙන ඇති බවත් ඉකුත් මැයි මස 26 වැනිදා දැරියව ගම්පහ උපකාරක පංතියකට යෑමට දැරියගේ පියා විසින් යක්කල නගරයට යතුරුපැදියෙන් ඇරලා තිබේ. ඉන් අනතුරුව සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් යක්කල නගරයට පැමිණ දැරියව එම මෝටර් රථයට නංවාගෙන තිබේ. එහිදී මෝටර් රථය තුළදී අතවර කර ඇති බවත් එම අතවර කිරීම සැකකරු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇත. අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරමින් යක්කල පොලිස් ස්ථානයේ උ.පො.ප. සරත් පේ‍්‍රමචන්ද්‍ර මහතා කරුණු ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව 26 වැනිදා දක්වා සැකකරුව රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com