www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරුණෑගල දිසාවෙන් සහරාන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක අල්ලයි


2019-06-12 10:43:35 -  491 යි

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම්ගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සම්බන්ධීකාරක බව කියන තරුණයෙක් කුරුණෑගල විශේෂ පොලිස් බලධාරීන් විසින් සැකපිට අතඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් අරෝශ් නමැති මෙම සැකකරු කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙම පුද්ගලයා සහරාන් සමග සමීප සම්බනධතා පැවැත් වූ බව අනාවරණය වී ඇත​.මොහු අතඩංගුවට ගෙන ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ අන්තවාදී කටයුතු වලට සම්බන්ධ වීම අතඩංගුවට ගෙන රඳවාගෙන සිටින සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙලි වූ තොරතුරු අනුවය​.

සහරාන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රචාරය සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණ කටයුතු සහ පහසුකම් සපයා ඇත්තේ අතඩංගුවට ගෙන සිටින මෙම සැකකරු බවද අනාවරණය වී ඇත​.

පොලොව අභ්‍යන්තරයේ ස්කෑන් කර බැලීම සඳහා භාවිතා කරන වටිනා උපකරණයක්ද සැකකරු සන්ත්කයේ තිබී සොයා ගෙන ඇත​. මෙම උපකරණයෙන් පොලොව මට්ටමේ සිට අඩි 80ක් පමණ අභ්‍යන්තරය පරීක්‍ෂාවට ලක් කිරීමේ හැකියාව ඇති බව හෙලි වී ඇත​.

මෙම සැකකරුට නිධන් හෑරීමේ චෝදනා ද පවතින අතර විවිධ ප්‍රදේශ වල සැඟවී සිටිමින් අන්තවාදී සංවිධානයේ කටයුතු සංවිධාන කරමින් සිටි බවද හෙලි වී ඇත​.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com