www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපති විරෝධය නොතකා, ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන, තේරීම් කාරක සභාව අද යළි රැස්වෙයි


2019-06-11 13:22:49 -  149 යි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද කැඳවා තිබෙනවා. 

ඒ අනුව එම තේරීම් කාරක සභාව පස්වරු 2 ට එහි වැඩබලන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වීමට නියමිතයි. 

අසාද් සාලිට අමතරව අද දිනයේ සාක්ෂි විමසීම සඳහා තේරීම් කාරක සභාව හමුවට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමන් සහ කාන්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ද කැදවා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ද මීට පෙර තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබුවා.

මේ අතර, ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කරන ලද කාරක සභාවේ කටයුතු කිසිදු බලපෑමකින් තොරව අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලෙස, ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන රැසක් ඊයේ කථානායක කරු ජයසූරිය හමුවී ඉල්ලා සිටියා. 

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා කියා සිටියේ තේරීම් කාරක සභාව පිළිබදව විවිධ පාර්ශව පළ කර ඇති අදහස් පක්ෂ නායක රැස්වීමේදී සැලකිල්ලට ගැනීමට අපේක්ෂා කරන බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com