www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වෛද්‍යවරයෙකුගේ අමානුෂික ක්‍රියාවක් නිසා අනුරාධපුර රෝහලේ සේවකයන් 6ක් ජෙනරේටරයක් උඩ


2019-06-10 15:17:45 -  170 යි

අනුරාධපුර ශික්ෂන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස පසුගියාදා රාජකාරි බාරගත් වෛද්‍යවරයෙකුගේ අමානුෂික ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් ශික්ෂන රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් හය දෙනෙකු අද (10දා) උදෑසන ජයිකා ගොඩනැගිල්ල හා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ගොඩනැගිල්ල අතර පිහිටි අධි බලැති විදුලි උත්පාදක යන්ත්‍රය (ජෙනරේටරය) මතට නැගී විරෝධතාවක නිරතවිය.

සමස්ථ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුළු සේවා පාළන කාර්යාලයේ සේවයේ නියුතු එස්. සරත් සෙනවිරත්න මහතා උදෑසන අඩි තිහක් පමණ උස විදුලි උත්පාදක යන්ත්‍රය මතට නැගී විරෝධතාවයේ නිරතවද්දී තවත් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් පස් දෙනෙකු ඔහුගේ සහයට එක්විය.

එම විරෝධතාවත් සමගම අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යමංඩල සේවක සේවිකාවන් දෙසීයකට අධික පිරිසක් රාජකාරි කටයුතු අතහැර විදුලි උත්පාදන යන්ත්‍රය අසලට පැමිණ විදුලි උත්පාදන යන්ත්‍රය මතසිටි සිය සහෝදර සේවකයන්ගේ විරෝධතාවට සහය පලකලහ.

විරෝධතාවය පැවත්වීමට හේතුව විමසීම සදහා කණිෂ්ඨ කාර්යමංඩල සේවක එස්.සරත් සෙනවිරත්න මහතා සම්බන්ධකර ගත්තත් ඒ මහතා මාධ්‍යට අදහස් දැක්වීමෙන් වැලකි සිටින බව පැවසුවේය. අනතුරුව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ගරෝයි ද මෙල් මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගෙන සිදුකල විමසීමකදී මෙසේ පැවසුවේය.

අනුරාධපුර ශික්ෂන රෝහලට වසර කිහිපයක සිට ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නෑ. නියෝජ්‍ය අධ්‍යක්ෂවරු තිදෙනෙකු ඉන්නවා. පසුගියදා සේවයට පැමිණි චින්තක බටපොල කියන වෛද්‍යරයා හරිම අමානුෂික අන්දමින් තමයි රෝහල තුල කටයුතු කරන්නේ.

කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට බොහොම අකාරුණික ආකාරයට පරුෂ වචනයෙන් බැනවදිනවා. මීට දින කිහිපයට ඉහතදී තේ සැකසූ කනිෂ්ඨ කාර් ය මණ්ඩල සේවකයෙකුට අමානුෂික අන්දමින් පහරදීලා තියනවා.

ඒ විතරක් නෙමෙයි මේ වෛද්‍යවරයා හෙද කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට පවා බැනවැදෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. සරත් මහතා ජෙනරේටරය මත නැගලා ඉන්නේ ඔහුගේ පෞද්ගලික ගැටළුවක් නිසා නෙමෙයි. සමස්ථ රෝහලම වෙනුවෙන්. පසුගිය කාලය පුරා රෝහලේ අනවශ්‍ය ගැටළු ඇතිවුණේ නෑ. සාමකාමිව සියළුම දෙනා සාමූහිකව සිය රාජකාරි ඉටුකරා.

මේ රෝහලට අධ්‍යක්ෂවරයෙකු අවශ්‍යයි. වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු ඉන්න අවස්ථාවේ තවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරු විශාල ප්‍රමාණයක් අවශ්‍ය නෑගරෝහල හරි මාර්ගයට ගන්න අවශ්‍ය කටයුතු කරන්න බළධාරින් වගබලා ගන්න ඕන. රෝහලේ උපකරන නැතිවෙනවා. ජේනරේටර් ගිනි ගන්නවා. මුදල් හොරකම් කරනවාගකාර්යාල ගිනිබත් වෙනවා මේවා කොහොමද වෙන්නේ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

විරෝධතාවට එක්ව සිටි සේවකයෙකු මෙසේ පැවසුවේය. මේ වෛද්‍යවරයා බොහොම අමානුෂික අන්දමින් මිනිස්සුන්ට කථා කරන්නේ. පරුෂ වචන කියලා කාන්තා සේවිකාවන්ට පවා බනිනවා. රජයේ දේපළ වලට හානි කරනවා. මීට දින කිහිපයකට ඉහතදී ඔහු කාමර අංක 06 හා 10 ඉබි යතුරු දාලා දොරවල් වසා තිබියදී ඒවාට පයින් ගගහා මේවා අස්සේ රිංගන් ඉන්නේ මොකාද කියලා අහනවා.

රෝහලට පැමිණි රෝගීන් පවා බියට පත්වෙලා බලාගෙන හිටියා. කණිෂ්ඨ කාර් ය මණ්ඩල සේවකයෙකු විනාඩියක් පරක්කු වුනානම් ඉර ගහනවා. මේවා ඉවසගන්න බැරි නිසා තමයි සරත් මහතා ඇතුළු පිරිස විරෝධතාවයට එක්වූයේ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තිය සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්. රෝයි ද මෙල් මහතා විසින් සෞධ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය සේවා අධක්ෂවරයාට දුරකථනයෙන් දන්වා තිබෙන බව අනාවරණය විය.

විරෝධතාවය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ (වැඩ බලන) වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී මෙසේ පැවසුවේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටපොල මහතාට විරුද්ධව කණිෂ්ඨ කාර්ය මංඩල වෘත්තිය සමිතා ක්‍රියා මාර්ගයක් ආරම්භ වෙලා තියනවා කියලා දැනගන්න ලැබුණා. නමුත් කිසිම කෙනෙක් ඒ පිළිබදව අපිට දන්වන්න ආවේ නෑ. තිබෙන ආරක්ෂක තත්වය සමග එම ස්ථානයට යන්න විදියක් නෑ. ගැටළුවක් තියනවනම් සාකච්ඡා කරන්න ඕන යනුවෙන් ඒ මහතා පැවසුවේය.     

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com