www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාතාල සාමාජික කළු අජිත්ට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට


2019-06-09 11:40:50 -  160 යි

ජාඇළ - ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික ක්‍රිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ටිරෝන් ජානක හෙවත් ජානක නැමැත්තා මෙලෙස ඒකල - මඩම පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 

අනතුරුව මෙම සැකකරු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා. 

පසුගිය පස්වනදා රාත්‍රියේ ජාඇළ - ඒකල - මහවත්ත ප්‍රදේශයේදී පාතාල සාමාජික ක්‍රිශාන්ත අජිත් කුමාර හෙවත් කළු අජිත්ට වෙඩි තබා ඝාතනය කෙරුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com