www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රට අරාජික කළ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි 12 දා ජවිපෙ උද්ඝෝෂණයක්


2019-06-09 10:54:15 -  167 යි

රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ ලබන 12 වැනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන් ඉදිරියේ රට පාවාදෙන, බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන, වරාය, තෙල් ටැංකි, ඉඩම් ඇතුළු ජනතාව සතු සම්පත් විදේශයන්ට බිලිදෙන ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

මෙම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය හා පා ගමන ලබන 12 වැනිදා පස්වරු 3.00ට කොළඹ දී පැවැත්වෙන අතර ඒ සඳහා ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා හා තරුණ බලවේග රැසකගේ සහය ලැබෙන බවද විජිත හේරත් මහතා පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com