www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රිය අනතුරකින් සිසුන් තිදෙනෙකු මිය යයි.. තත්වය උණුසුම්..


2019-06-08 11:34:20 -  139 යි

කැකිරාව - දඹුල්ල ඒ 9 මාර්ගයේ - කොරසගල්ල - තිබ්බටුවැව ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තුන් දෙනෙකු මිය යාමත් සමඟ එම මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් මේ වන විට විරෝධතාවක නිරත වනවා. 

දඹුල්ල සිට අනුරාධපුරය දක්වා ලී කඳන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, උපකාරක පන්ති සඳහා සහභාගිවීමට බලාපොරොත්තුවෙන් මාර්ගය අයිනේ සිටි සිසුන් සිව් දෙනෙකු යටකරගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

අනතුරෙන් මිය ගිය සිසුන් තුන් දෙනාට අමතරව තවත් සිසුවෙකු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

සිද්ධියෙන් පසු අදාළ ලොරි රථය කැකිරාව - රණජයපුර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

ඉන් අනතුරුවයි ප්‍රදේශවාසීන් එම ස්ථානයේ විරෝධතාවක් ආරම්භ කර ඇත්තේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com