www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිසුවියගේ මව සමග අනියම් ඇසුරක් පැවැත්වූ ටියුෂන් සර් ගස් බැඳලා


2019-06-06 07:01:28 -  421 යි

ගම්පොල ඇත්ගාල ප‍්‍රදේශයේ නිවසක දරුවෙකුට ශිෂ්‍යත්ව පන්ති කිරීමට ගිය ගම්පොල ප‍්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු සැමියා නොමැති අවස්ථාවක එම දරුවාගේ මව සමග අනියම් ඇසුරක් පවත්වමින් සිටියදී ඥාතීන්ට හසුව ඔහුට පහරදී ගස් බැඳ ඇත. පසුව එම ඥාතීන් ඔහු මුදා හැර ඇත.

සිද්ධියට අදාළ කාන්තාවගේ සැමියා නිවසින් බැහැරව රැකියාවක් කරන අතර ඔහුගේ අනුදැනුම මත මෙම ගුරුවරයා නිවසට කැඳවා දරුවාට ටියුෂන් දී තිබේ.

එහිදී මව සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ඇය සමග සිටියදී මෙසේ සැමියාගේ ඥාතීන්ට හසුව තිබේ.

මෙම සිද්ධිය පොලිසි නොගොස් බේරා ගෙන ඇත්තේ වැඩිහිටියන්ගේ කරුණු කාරණා මත වුවත් ගස් බැඳ සිටි ගුරුවරයා පිළිබඳව මුළු ගම්පොළම කතා බස් කරන අයුරු දක්නට තිබේ.

ගම්පොල - සුරංග දිල්හාන්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com