www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්තවාදය වපුරන්න මුස්ලිම් තරුණයන් 10,000ක මොළ සෝදලා


2019-06-01 13:02:36 -  587 යි

මුස්ලිම් අන්තවාදී සංවිධානවලට සම්බන්ධ වී රැඩිකල් මත දරන මුස්ලිම් තරුණයන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ගැන තොරතුරු ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබෙන අතර ඔවුන් කඩිනමින් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික  අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ. 

එක් මුස්ලිම් අන්තවාදී සංවිධානයකට මෙවැනි රැඩිකල් මත දරන මුස්ලිම් තරුණයන් 20,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවත් එවැනි මුස්ලිම් අන්තවාදී සංවිධාන 15-20ත් අතර සංඛ්‍යාවක් රට තුළ ක්‍රියාත්මකව පවතින බවටත් මෙහිදී තොරතුරු හෙළිදරව් වී ඇත. 

මේ ආකාරයෙන් මුස්ලිම් අන්තවාදී සංවිධානවලට සම්බන්ධ දස දහස් ගණනක් වන මුස්ලිම් තරුණයන්ගේ මනස නිවැරැදි මාර්ගයකට ගෙන ඒම කඩිනමින් සිදුකළ යුතුව තිබෙන බවත් ඒ සඳහා සිදුකරනු ලබන පුනරුත්ථාපන වැඩසටහනේ ව්‍යුහය සහ එය ක්‍රියාත්මක කරන ආකාරය මෙම ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ. 

මෙම කරුණ සහ පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ඇතිවී තිබෙන නව තත්ත්වයට මුහුණදීම සඳහා අදාළ වන කාරණා රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර එහි මූලික වාර්තාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතය. 

ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නියෝජිතයන්, අමාත්‍යාංශ ගණනාවක ජේ‍යෂ්ඨ නිලධාරීන් ඇතුළු අදාළ ආයතන රැසක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වේ. 

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වන්නේ එහි සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි. 

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com