www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නම් ගම් වෙනස් කළ අන්තවාදීන් දහස් ගණනක් රට පුරා


2019-06-01 12:29:13 -  369 යි

තමන්ගේ නියම අනන්‍යතාව සැඟවීම සඳහා නම් ගම් වෙනස් කරගත් තව්හිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල සාමාජිකයෝ විශාල පිරිසක් රට පුරා විසිරී සිටින බව අනාවරණය කර ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකිවී තිබේ.

තමන්ගේ උපන් ගම් ප්‍රදේශවලින් බැහැරව රටේ විවිධ ස්ථානවල පදිංචිව සිටින බව අනාවරණය වී ඇති මෙම අන්තවාදීන් උපායශීලී ලෙස ජාතික හැඳුනුම්පත මෙන්ම ගුවන් ගමන් බලපතද සිය ආරූඪ නාමයන්ගෙන් සකස් කරගගෙන සිටින බව මේ වන විට හෙළිදරව් වී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන්ගෙන් අති බහුතරය මුස්ලිම් සහ දෙමළ නම්වලින් පෙනී සිටින බවත් එනිසා ඔවුන්ගේ නියම අනන්‍යතාව සඟවාගෙන අන්තවාදී ව්‍යාපාරවල කටයුතු කිරීමට මඟ පාදාගෙන ඇති බවත් එම අරංචිමාර්ග තවදුරටත් අනාවරණය කරයි.

මේ අතර උපායශීලී ලෙස සිංහල නම් ගම්වලට මාරුවූ විශාල පිරිසක්ද වෙතැයි ප්‍රකාශ කරන එම ආරංචිමාර්ග සමස්තයක් වශයෙන් ගත් කල මේ සියලු දෙනාගේ නියම අනන්‍යතාවන් සොයාගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදුව ඇතැයිද සඳහන් කරයි.

ඔවුන්ගේ පෞද්ගලිකත්වය තහවුරු කෙරෙන ලිපි ලේඛන සියල්ල ඉතා උපායශීලී ලෙස සකසා ගන්නට ඔවුන් සමත්ව ඇතැයිද එම ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

මෙම ක්‍රියාදාමය වසර කිහිපයක් තිස්සේ සිදුවෙමින් තිබුණු බව මේ වන විට හෙළිවී ඇතැයිද පවසන එම ආරංචිමාර්ග මෙවැනි අය හඳුනා ගැනීමට විශේෂිත 

නිරීක්‍ෂණ ක්‍රියාදාමයක්  අනුගමනය කරන්නට සිදුව ඇතැයිද සඳහන් කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com