www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මවුවරුන් වඳභාවයට පත්කර ඇත්දැයි සෙවීමට ශ‍්‍රී ලංකාවේ සිදුකරන පැලෝපීය නාළ පරීක්‍ෂණ අසාර්ථකයි; සාර්ථකම ක‍්‍රමය සියුම් කැමරාවක් ඇතුළු කිරීමයි


2019-05-29 07:37:09 -  366 යි

විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

අජිත් අලහකෝන්


මවුවරුන් වඳභාවයට ලක්කර ඇත්ද යන්න සොයා බැලීමට ඩයි වර්ග හෝ වෙනත් විශේෂ දියර වර්ග පැලෝපීය නාළයට ඇතුළු කරමින් සිදුකරන පරීක්ෂණ සාර්ථක නොවන බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා  ඊයේ (28) ප‍්‍රකාශ කළේය. 

පැලෝපීය නාළයේ නියම තත්ත්වය තීරණය කිරීම සඳහා කෙරෙන සාර්ථකම පරික්ෂණය මෙරටදී සිදු කළ නොහැකි බව කී රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු පහසුකම් ශ‍්‍රී ලංකාවේ නැතැයි ද කීය.

මෙරට සිදු කළ නොහැකි මෙම සාර්ථක ක‍්‍රමයෙන් සිදු කෙරෙන්නේ ඉතා සියුම් කැමරාවක් පැලෝපීය නාලයට ඇතුළු කිරීමය.  එමගින් පැලෝපීය නාළය තුළ ඇති කෙඳි සහ ආකෘතිය නිවැරදිව දැකබලා ගත හැකිවන අතර ඒ තුළ ඇති ඇලෙන සුළු ගතිය, තැලීම්, අවහිරතා සියල්ල පියවි ඇසට නිරීක්ෂණය කළ හැකි බව කී විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ මහතා පැලෝපීය නාළයක ක‍්‍රියාකාරීත්වය සෙවීමට ඇති සාර්ථකම ක‍්‍රමය එය බවද, ඒ සඳහා රෝගියා නිර්වින්දනය කළ යුතු බවද කීවේය. මේ ස`දහා පරීක්ෂණයට භාජනය වන මව්වරුන් විදෙස් පරීක්ෂණයකට සහභාගි කරවිය යුතු බවද හෙතෙම කීවේය.

මෙරට දී සිදු කෙරෙන්නේ සාර්ථක පරීක්ෂණ ක‍්‍රමවේදයක් නොවන බවද, ඒ අනුව ඩයි වර්ග හෝ වෙනත් විශේෂ දියර වර්ග පැලෝපීය නාලයට ඇතුළු කර එහි ඇතුළත විවෘතභාවය පිළිබඳ සොයා බලන ආකාර තුනක් ඇතැයිද විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

පළමු ක‍්‍රමය වන්නේ ගර්භාෂයට පහළින් ඩයි වර්ගයක් පැලෝපීය නාලයට ඇතුළු කර එක්ස්රේ වාර්තාවක් ලබා ගැනීමය. එය ්‍යීඨ ලෙස හැඳින්වේ.

දෙවැනි ක‍්‍රමය වන්නේ විශේෂ දියරයක් ගර්භාෂයට පහළින් ඇතුළු කර ස්කෑන් කිරීම  බව කී විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ මහතා තුන්වැනි ක‍්‍රමය වන්නේ ඉතා සියුම් කැමරාවක් පෙකණිය තුළින් උදරයට ඇතුළු කර ගර්භාෂයට පහළින් ඩයි වර්ගයක් ඇතුළු කිරීමය. ඉන් පසුව එම ඩයි පැලෝපීය නාළය හරහා පිටව යන බව කැමරාවෙන් නිරීක්ෂණය කර තහවුරු කර ගැනීමය. මෙය ඛ්ච්රදිජදචහ ලෙස හැඳින්වේ. මෙමගින් පැලෝපීය නාලයට පිටතින් සිදුව ඇති හානි, ඇලීම්, තැලීම්, ඇදවීම් වැනි දෑද නිරීක්ෂණය කළ හැක. එමෙන්ම වෛද්‍යවරයා විසින් අඬුවලින්  තද කර ඇත්නම් ඇතැම් විට ඒ බවද මෙම ඛ්ච්රදිජදචහ පරීක්ෂණයෙන් පෙන්නුම් කිරීමට ඉඩ ඇත.

එහෙත් දේශීයව සිදු කෙරෙන ඉහත සඳහන් පරීක්ෂණ තුනෙන් සිදු කෙරෙන්නේ පැලෝපීය නාළය අභ්‍යන්තරයෙන් ඩයි වර්ගය ගමන් කරනවාද, නාළය විවෘත ද නැත්නම් අවහිර වී ඇත්ද යන්න නිරීක්‍ෂණය පමණක් බව රාජපක්ෂ මහතා කීවේය.

පැලෝපීය නාළයට හානි සිදු වූවත් නැතත් ඩයි වර්ගය එතුළින් ගමන් කරන බව කී විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා දරුඵල ලැබීම හෝ නොලැබීම පිළිබදව දේශීයව සිදුකරන මෙම පරීක්ෂණවලින් තීරණය කළ නොහැකි බවද කීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com