www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාන්තාවන් වඳ කරන රහස් ක්‍රම මෙන්න


2019-05-28 21:02:13 -  833 යි

පැවැති පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් සිංහල කාන්තාවන් වඳභාවයට පත් කලා ද කියා සොයා බලන්න පොලිසිය දැන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ සිද්ධියෙන් පස්සේ දැන් සොයා බලන්නේ පැලෝපීය නාලයට ක්ලෑම්ප් දැමීම හරහා අවහිර කර තිබෙනවා ද කියන කාරණය පමණයි. විශේෂඥ වෛද්‍යවරු කියන විධියට කාන්තාවක් වඳ භාවයට පත් කරන්න තව ක්‍රම ගණනාවක් තිබෙනවා.

  1. පැලෝපීය නාලයට ක්ලෑම්ප් දැමීම හරහා එය අවහිර කිරීමෙන්
    සිසේරියන් සැත්කමකින් පසු ටෙරිටෝනියම් පටලය මහන විට පැලෝපීය නාලයත් අල්ලලා මහන්න පුළුවන්.
  2. සුළු ලේ ගැලීම් ස්ථාන වල ඩයටමයිස් කරනවා නැතිනම් පුළුස්සනවා. ඒ අවස්ථාවක පැලෝපීය නාලය පුළුස්සලා අක්‍රිය කරන්න පුළුවන්.
  3. ඩිම්බ කෝශ ක්ලෑම්ප් කරලා අවහිර කිරීමෙන් ලේ ගමන නවත්වා අක්‍රිය කරන්න පුළුවන්.
  4. සැත්කමකින් පසු ර්ගභාෂයෙන් නොනවත්වා ලේ ගැලීමක් සලස්වා ඊට පසු ර්ගභාෂය ඉවත් කරන්න පුළුවන්.
  5. මාතෘ සායන වල දී නිසි දරු ගැබක් පිහිටා තිබෙනවා ද නැති නම් දරු ගැබ ර්වධනය වන සැක් එක පමණක් ද පිහිටා තිබෙන්නේ කියන කාරණය ස්කෑන් කරලා නිරණය කරන්නේ වෛද්‍යවරයා. සැක් එකක් පමණක් නම් එය ගබ්සා කර ඉවත් කරනවා. දරු ගැබ පිහිටා තිබුණත් එසේ කරන්න නරුම වෛද්‍යවරයෙකුට පුළුවන්.

මේ ක්‍රම වලට අමතරව තවත් ක්‍රම තිබෙන්න පුළුවන්. ඒ නිසා පොලිසිය ෂාෆි ෂිහාබ්දින් වෛද්‍යවරයා පිළිබඳ විර්මශනය ඇරඹීමට පෙර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ පිළිබඳ උපදෙස් ලබා ගත යුතුයි කියා අපි යෝජනා කරනවා. ඒ වගේම මේ කියන ඕනෑම ආකාරයකින් තමන්ට දරුවන් අහිමි කර අතැයි ෂාෆි වෛද්‍යවරයාගෙන් ප්‍රථිකාර ගත් මවුවරුන්ට කිසියම් හෝ සැකයක් ඇති වී තිබෙනවා නම් වහාම පොලීසියට පැමිණිලි කරන්න කියලා අපි ජාතියේ අනාගතයේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

අරවින්ද අතුකෝරල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com