www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුරකපලූ අඩුවීමත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම....


2019-05-24 07:54:36 -  179 යි

ඉන්දියාවෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර කරනවා - නාවික හමුදාව කියයි
 
 දිනසේන රතුගමගේ
 
 රටේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරී උතුරු ප‍්‍රදේශයේ පරීක්ෂා කිරීමේ මුර කපොලූ සංඛ්‍යාව අඩු කිරීමත් සමගම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යළිත් එම පළාත තුළ මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේ කටයුතු මහා පරිමාණයෙන් ආරම්භ කොට ඇතැයි උතුරේ ආරක්ෂක නිලධාරීහු කියා සිටිති.
 
 මුරකපොලූ සංඛ්‍යාව අඩු වූවත් හදිසියේ සිදු කෙරෙන පරීක්ෂා කිරීමේ කටයුතු නවතා නොමැති නිසා මන්නාරම තිරුකේතීස්වරන් හන්දියේදී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 94 ක් ද මැදවච්චියේදී කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 143 ක් ද අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව එම ආරක්ෂක නිලධාරීහු කියා සිටියහ.
 
 රටේ පැවති අයහපත් වාතාවරණ සමයේදී නාවික හමුදාව මුළු මුහුදු සීමාවේම ආරක්ෂාව දැඩි කොට තිබූ බැවින් ඉන්දියාවේ සිට උතුරු පළාතට මුහුදු මගින් මත්ද්‍රව්‍ය පැමිණීම මුළුමනින්ම පාහේ නතර වී තිබුණි.
 
 නාවික හමුදාව පවසන්නේ මත්ද්‍රව්‍ය ඉන්දීය මුහුදු සීමාව හරහා උතුරු පළාතට පැමිණීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවයි.
 
 මේ අතර උතුරේ ආරක්ෂක අංශ පවසන්නේ රටේ අයහපත් වාතාවරණයක් ඇතිවීමට පෙර උතුරේ විවිධ පළාත් වලට මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් රැුගෙනවිත් තිබුණද පරීක්ෂා කිරීම් දැඩි වූ කාලයේදී ඒවා එහා මෙහා ගෙන යෑම කළ නොහැකි වූ බවයි.
 
 මේ දිනවල ජාවාරම්කරුවන් ඒවා රට මැදට ප‍්‍රවාහනය කිරීමට උත්සාහ කරන බැවින් ආරක්ෂක අංශ ඒ පිළිබඳව දැනුවත් කොට ඇති බවද උතුරේ ආරක්ෂක අංශ නිලධාරීහු කියා සිටියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com