www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පණිවුඩ ගෙනගියේ ස්විස් ත‍්‍රිමාර් ඇප් තාක්‍ෂණයෙන්! ත‍්‍රිමාර් පණිවුඩ හසුකර ගැනීමට හමුදා බුද්ධි සේවාවට බැහැ!


2019-05-22 08:12:05 -  382 යි

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ ස්විට්සටර්ලන්තයේ සිට ක‍්‍රියාත්මක වන ත‍්‍රිමාර් ඇප් නමැති පණිවුඩ හුවමාරුකර ගැනීමේ තාක්‍ෂණය ඔස්සේ බව හමුදා බුද්ධි සේවාව සොයාගෙන ඇත.
 
 මේ බව හමුදාපති මහේෂ් සේනානායක මහතා ද තහවුරු කළේය.
 
 මෙම ත‍්‍රිමාර් ඇප් සන්නිවේදන ක‍්‍රමය මත පණිවුඩ පවත්වන්නා සහ එය ලබාගන්නා පමණක් පණිවුඩය දන්නා බව හමුදා බුද්ධි අංශ ආරංචිමාර්ග පැවසීය.
 
 සිරියාවේ සහ ඉරාකයේ අයිසීස් ත‍්‍රස්ත සංවිධානය මෙම ත‍්‍රිමාර් ක‍්‍රමය භාවිත කරති.
 
 සුරිච් නුවර සිට ක‍්‍රියාත්මක වන ත‍්‍රිමාර් සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ස්විස් නීතිමත ත‍්‍රිමාර් ඇප් පණිවුඩ ක‍්‍රමය ක‍්‍රියාත්මක වන බවයි.
 
 මෙම ත‍්‍රිමාර් ඇප් හරහා හුවමාරුවන පණිවුඩ හසුකර ගැනීමේ හැකියාවක් හමුදා බුද්ධි සේවාවට නැති බවද බුද්ධි සේවා ආරංචිමාර්ග පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com