www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෂැන්ග්‍රීලා බෝම්බකරුගේ හා සහරාන්ගේ දියණියගේ ඩි. එන්. ඒ සාම්පල සමග ගැලපේ


2019-05-17 08:08:24 -  388 යි

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ෂැන්ගි‍්‍රලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුගේ ඞී එන් ඒ සාම්පල සහ එම ප‍්‍රහාරය මෙහෙය වූ බව කියන සහරාන් හෂිම්ගේ දියණියගෙන් ලබාගත් ඞී එන් ඒ සාම්පල එකිනෙක ගැලපෙන බවට තහවුරු වෙමින් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන පරීක්‍ෂණවලදීයි මේ බව තහවුරු කෙරෙන්නේ. අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම පරීක්‍ෂණය සිදු කෙරෙනවා. එහි වාර්තාව අද දිනයේදී හෝ ලබන සතියේදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදි මරාගෙන මැරුණු සෙසු බෝම්බකරුවන්ගේ ඞී එන් ඒ සාම්පල ද මේ වනවිට රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා. ඒ ඔස්සේද පරීක්‍ෂණ සිදුකිරීමට නියමිතයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com