www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තව්හිද් ත‍්‍රස්තයන්ගේ ආරක්‍ෂිත නිවාස 17ක් සොයා ගනියි - පුහුණු මධ්‍යස්ථාන හතකුත් හමුවේ


2019-05-16 07:32:24 -  608 යි

- කොච්චිකඬේදී  සොයාගත් බෝම්බ රිය සකස් කළ  සැකකරු අල්ලයි

- පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ තව්හිද් ත‍්‍රස්තවාදීන් ඊට පෙර භාවිත කළ රට පුරා ප‍්‍රදේශ රැසක පිහිටි ආරක්‍ෂිත නිවාස දහහතක් (17ක්) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට සොයාගෙන තිබේ. ප‍්‍රහාරය සැලසුම් කරමින් වරින් වර ත‍්‍රස්තවාදීන් මෙම නිවාසවල රැදී සිට ඇතැයි ද හෙළිවී ඇත. 

මීගමුව - කටුවපිටිය, පානදුර සරික්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර කොළඹ 3, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලූව, වත්තල-එඩේරමුල්ල, මයුර පෙදෙස කොළඹ 6, සයින්දමරුදු, මල්වාන, තිහාරිය, දළුවකොටුව-කොච්චිකඬේ, වාලච්චේන-රිදීතැන්න, කුලියාපිටිය-සුභාරතිපුර, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර් සහ සමන්තුරේ යන ප‍්‍රදේශවල එම නිවාස පිහිටා තිබී ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තයන් පුහුණුව ලැබූ මධ්‍යස්ථාන හතක් සොයා ගැනීමට ද මේ වන විට පොලිසිය සමත්ව ඇති අතර ඒවා පිහිටා තිබී ඇත්තේ වනාතවිල්ලූව, හම්බන්තොට, නුවරඑළිය, මහනුවර-අරුප්පොළ, මල්වාන, කාත්තන්කුඩි සහ වාලච්චේන යන ප‍්‍රදේශවලය.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව කොළඹ කොච්චිකඬේ දේවස්ථානය අසල තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පුපුරවා හරින ලද ත‍්‍රස්තවාදීන් බෝම්බ අටවා තිබූ වෑන් රථය සකස් කිරීමට කටයුතු කළ සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු මොහොමඞ් ආදම් ලෙබ්බේ නමැත්තකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාළ වෑන් රථය පුපුරුවා හැරීමෙන් අනතුරුව පුද්ගලයන් තිදෙනකුගෙන් ලද තොරතුරු මත මෙම සැකකරුගේ ඡුායාරූපයක් චිත‍්‍රයට නගා මාධ්‍ය මගින් පළ කිරීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ සැකකරුවන් 80 දෙනකු සිටින බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය. 

එම පිරිස අතර කාන්තාවන් දස දෙනකුු සිටින බවද පැවසූ හෙතෙම, සයින්දමරුදු බෝම්බ පුපුරවා ගැනීමේදී තුවාල ලබා සිටියදී පොලිසිය භාරයට ගත් සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නමැත්තිය ද මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටින බව ස`දහන් කළේය. සහරාන් හෂීම්ගේ දියණිය ද මේ වන විට ඇය භාරයේ තැබීමට පොලිසිය පියවර ගෙන ඇත.

මෙම කුඩා දැරිය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් මෙසේ දැරිය සැකකාරිය භාරයේ ර`දවා තැබීමට පොලිසියට සිදුව ඇත.

සමන් ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com