www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිසියේ විරෝධය නොතකා තඹ කම්හලේ සැකකරුවන්ට ඇප දීලා OIC අධිකරණයට


2019-05-15 10:50:56 -  429 යි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් යන අයට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප නියමවූ සැකකරුවන් 09 දෙනාට ඇප ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂමට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා.

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එම පැමිණිල්ල අධිකරණ සේවා කොමිෂන් සේවා සභාව හමුවේ ගොනු කර ඇති අතර මෙම සැකකරුවන් 09 දෙනාට අධිකරණයේදී ඇප ලබා දුන්නේ පොලිසිය විසින් වාචිකව සහ ලිඛිතව සිදුකරනු ලැබූ විරෝධතා නොසලකා හරිමින් බවට සදහන් කරමින්ය.

මෙම නඩුව විභාග කරනු ලැබූ කොළඹ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා විසින් පොලිසිය විසින් ගොනුකර තිබු ලිඛිත සහ වාචික විරෝධතාවයන් නොසලකා එම සැකකරුවන් 09 දෙනාට ඇප නියම කිරීමේ සිද්ධිය හේතුවෙන් තමන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට කරුණු දක්වා තිබෙනවා.

දැනට ඇප මත නිදහස්ව සිටින සැකකරුවන් 09 දෙනා අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් දැනුවත් භාවයෙන් සිටිය බවට දැක්වෙන කරුණු ද අධිකරණය හමුවේ දක්වා සිටියදී මෙලෙස ඇප ලබාදීමේ සිදුව ඇති බවත් ඒ හේතුවෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙස වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා ඇති බව සදහන්.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com