www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාත්තණ්ඩිය ප්‍රදේශයේ ගැටුම් වලින් එක අයෙකු මරුට


2019-05-14 11:57:46 -  1692 යි

නාත්තණ්ඩිය මැද කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටු තුළින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව කොස්වත්ත පොලිසිය සදහන් කරයි.
මෙම ගැටුමේදී නාත්තණ්ඩිය මැද කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචි එම්. එම්. එස්. හමීර් (49) නැමැත්තා බරපතල කැපුම් තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
කැපුම් තුවාල ලත් අනෙක් පුද්ගලයා මාරවිල මුලික රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

මේ වන විට අදාල ප්‍රදේශයේ ආරක්ෂා සහතික කර ඇති බවත් නොසන්සුන් තත්වය පහව ගොස් ඇති බවත් වාර්තා වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com