www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සැක කටයුතු පිරිසක් ඉමදුව පාසලක් කළඹයි ඊයේ පාසලත් වැසෙයි


2019-05-14 07:06:55 -  314 යි

ගාල්ල ඉමදුව බටේමුල්ල ජාතික පාසලට 13 දින උදෑසන කාලය තුල කිසියම් පිරිසක් පැමිණ පාසල තුල සිටී බවට ඇති වු සැකයක් නිසා 13 දින පාසල වසා දැමීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබිණි

. බටේමුල්ල ජාතික පාසලේ මුරකරුවන් දෙදෙනා විසින් 13 දින උදෑසන  01 ට පමණ මෙසේ හතර දෙනෙකුගෙන් යුත් පිරිසක් පාසලේ සිටි බවට දැක ඇති අතර අදාල මුරකරු ප‍්‍ර දේශවාසීන් ගේ සහය ඇතිව මෙම පිරිස අල්ලා ගැනීමට උත්සාහ කර නමුත් එය අසාර්ථ වී ඇත. ඒ අනුව ඔවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇත. පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද පැමිණ පාසල විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත 13 දින පාසල සදහා දරුවන් 27 දෙනෙක් පමණ පැමිණ තිබු අතර ඔවුන් ද නිවෙස් වෙත යවා දෙමාපියන් හා ගුරුවරුන් සමඟ ආරක්ෂක අංශ පාසල පරීක්ෂාවට ලක්කර තිබුනද සැක කටයුතු කිසිවක් එහි තිබී හසු වී නොමැත. සිද්ධීය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com