www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

13 තර්ජනය සමග කොළඹ පාළුයි - පාසල් වල ළමයි අඩුයි


2019-05-13 10:59:51 -  464 යි

අද 13 සඳුදා දිවයිනේ ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට ප්‍රංශයේ තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවට ලිපියක් ප්‍රචාරය වී එම ලිපිය පසුගිය සතියේ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වීමෙන් පසුව අද දින
ආරක්ෂක විධිවිධාන තරවී තිබේ.

 

මෙම ලිපියේ සඳහන් කරුණු ඊයේ (12) වනවිටත් තහවුරු නොවූ බව පොලිසිය දැනුම් දුන් අතර සාමාන්‍ය පරිදි කටයුතු කළ හැකි බව පොලිසිය දන්වා තිබුණි.
කෙසේ වෙතත් අද දින පාසල්වල සිසුන්ගේ පැමිණීම දුර්වල මට්ටමක පවතින බව මේ වනවිට ලැබෙන ආරංචි හෙළි කරයි.
එසේම රජයේ පාසල් අවට හා ජාත්‍යන්තර පාසල් අවටද විශේෂ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කර තිබෙනු වාර්තා වේ. කොළඹ නගරය වෙනදා තිබෙන මාර්ග තදබදයෙන් තොරවී ගොස් ඇති අතර පාළු ස්වරූපයක් දිස්වේ. කාර්යාලවල කටයුතු මේ වනවිට ඇරඹෙමින් පවතින නමුත් පැමිණීම අඩු බවට වාර්තා තිබේ.
ලිපියේ සඳහන් ස්ථාන වූයේ වැල්ලවත්ත,නාවල,පංචිකාවත්ත හා කොටුව දුම්රිය ස්ථානයයි.
කෙසේ වෙතත් එම ස්ථානවලින් කිසිදු සැකකටයුතු දෙයක් මේ වනතුරු වාර්තාවී නැත.







  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com