www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන් මරාගෙන මැරෙන්න කලින් සිව් හැවිරිදි දියණියව අපයෝජනය කරලා.


2019-05-13 10:21:59 -  1839 යි

තාත්තගේ නම කියන්න බැහැ කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා යැයි කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරුණු තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලියේ නායකයා බව පැවසෙන මොහොමඩ් සහරාන් නැමැත්තාගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනා ආරක්ෂක අංශ නිලධාරින්ට ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

ආරක්ෂක අංශ නිලධාරින් සිය පියා වන මොහොමඩ් සහරාන් නැමැත්තා ගැන ඇයගෙන් විමසූ අවස්ථාවේ එසේ පවසූ බවයි වාර්තා වන්නේ.

අම්පාර සයින්දමරුදු නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටි තවුහිද් ජමාත් ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන් නැමැත්තාගේ බිරිඳ හා දියණිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පෙරේදා (08) කොළඹට ගෙන එනු ලැබුවා. එම දියණියගේ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීමටද අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

සහරාන්ගේ බිරිඳ සහ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

(සියලුම ආකාරයේ කායිකව හා මානසිකව ළමයාට සිදුකරන්නා වූ නොමනා ක්‍රියා හෝ ලිංගික අපයෝජනය නොසළකා හැරීම හෝ නොසැළකිලිමත් ලෙස සැළකීම වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරා කෑම් හේතුකොට ළමයාගේ සෞඛ්‍ය, පැවැත්ම, සංවර්ධනය හෝ වගකීම විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ලෙස ක්‍රියා කිරීම ළමා අප යෝජනය ලෙස හෝ ළමා හිංසනය ලෙස අර්ථ දැක්වේ.)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com