www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්මලානේ සැලෝන් එකේ වෝකිටෝකි 14 ක්; දෙදෙනෙක් අත්අඩංගුවට


2019-05-10 07:28:38 -  766 යි

චමින්ද සිල්වා 
 
 රත්මලාන බොරුපන පාර ප‍්‍රදේශයේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක තිබී විදේශයක නිපදවන සන්නිවේදන උපකරණ (වෝකිටෝකි) 14 ක් සමඟ මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට භාරදී ඇත.
 
 පොලිස් විශේෂ කාර්ය බළකා රත්මලාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ සන්නිවේදන යන්ත‍්‍ර ගල්කිස්ස පොලිසියට භාරදී තිබේ.
 
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිසිය සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී එම යන්ත‍්‍ර අධි තාක්‍ෂණික ඒවා නොවන බවත් යම් ආයතනයක අභ්‍යන්තර සිදුකරන කථනයන් සඳහා භාවිත කරන ඒවා බවත් හෙළි කරගෙන ඇත. මෙම යන්ත‍්‍ර රටට ගෙන ඒමට නීතිමය අවසරයක්  ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද හෙළිවීමෙන් පසු සැකකරුවන් දෙදෙනා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com