www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැඩි ආරක්ෂාවට දරුවන් ගෙදර තියා පාසල හා ගුරුවරුන් රකින මව්පියෝ


2019-05-09 13:48:37 -  282 යි

ආරක්ෂාව ලබා නොදීම හේතුවෙන් හලාවත අධ්‍යාපන කලාපයට අයත් බත්තුළුඔය රජයේ විදුහලට ළමුන් නොයැවීමට දෙමාපියන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සතියේ පළමු දින කීපයේ ළමුන්ගේ පැමිණීමේ ඉහළ තත්ත්වයක් දක්නට ලැබුණු අතර බදාදා දිනයේ සිට එය අඩු වු බව වාර්තා වෙයි.

හලාවත පුත්තලම මාර්ගයේ මේ විදුහල පිහිටා තිබෙන අතර මෙහි සෑම ජන වර්ගයකටම අයත් ළමුන් ඉගෙනුම ලබයි.

අද(09) දිනයේ මේ පාසලට ළමුන් කිසිවෙකු නොපැමිණි බව මේ පිළිබඳ අප කල විමසීමේදී බත්තුළුඔය රජයේ විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.බි.එස්.කේ.තිසේරා මහතා කියා සිටියේ, තමන් පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටියත් සියලු විදුහල් සඳහා ආරක්ෂාව සැපයීම සඳහා චක්‍රලේඛයක් තමනට නොලැබුණු බව උඩප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවයි.

බත්තුළුඔය රජයේ විදුහලට ආරක්ෂාව ලබා දී නොතිබුණත් ප්‍රදේශයේ ළමුන් අඩු පාසල්වලට පවා ආරක්ෂාව ලබා දී ඇති බව ද ඇතැම් විට වාර්තා විය.

ඉතා ඉක්මනින් තම පාසලට ආරක්ෂාව ලබා නොදුනහොත් තමන් මානව හිමිකම් කොමිෂමට හෝ ඉදිරිපත් වන බව දෙමාපියන් පවසති.

ළමුන් පාසලට නොපැමිණියත් ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හා පාසලේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපිය පිරිසක් අද දින පාසලට පැමිණ සිටින අයුරුද අපට දක්නට ලැබුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com