www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මන්නාරමේ හමුදා මෙහෙයුමක්.. සැකකරුවන් සමග පතුරම් 386ක් හා සිම් කාඩ් 286 ක් අත්අඩංගුවට


2019-05-09 12:42:20 -  916 යි

මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා පතුරම් සමග කිනිසි තොගයක් ලඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම 54 සේනාංකය විසින් තාරතාපුරම් ප්‍රදේශයේදී  සිදුකල සෝදිසි මෙහෙයුමකදී එක් මුස්ලිම් සැකකරුවෙකු නුජුමුදීන් මොහොමඩ් නැමත්තා සමීපයේ කිනිසි 06 ක් සහ පිස්තෝලයක් සමග පිස්තෝල සඳහා භාවිතා කරන පතුරම් 386ක් තිබී ඇති අතර අනෙක් සැකකරු වූ මොහොමඩ් නජීර් මොහොමඩ් නැමති සැකකරු ලඟ සිම් කාඩ් 286 ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට යුද හමුදාව විසින් මන්නාරම් පොලීසියට භාර දී ඇති අතර මන්නාරම් පොලීසිය විසින් අදාල සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

වන්නි රොමේෂ් මධුෂංඛ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com