www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාලිගාවත්ත පල්ලියේ ළිඳෙන් කඩු 46ක් ගොඩගනියි


2019-05-08 16:59:21 -  434 යි

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ  ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ  කුඩා ප්‍රමාණයේ තුවක්කුවක්  ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.

මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.

කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි,  උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත.

අයිස් නම් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය පැකැට්ටුවක්ද එහිදී හමු වූ බව පොලීසිය සඳහන් කරයි.

ළිඳ තුළ  තවත් දෑ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව සඳහන් වේ. 















  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com