www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාර්සලයක් අතින් ගත් පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන්


2019-05-08 15:26:19 -  950 යි

දෙවන පාසල් වාරයේ තුන්වන දිනය වූ අද (08) දිනයේ ද ළමුන් පාසල් වෙත පැමිණිමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුගිය දින දෙකකට සාපේක්ෂව සමස්තයක් ලෙස එහි සුළු වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මේ අතර සැක කටයුතු පුද්ගලයෙකු හේතුවෙන් හොරණ, ගෝණපල පලන්නෝරුව මහා විද්‍යාලයේ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

අදාල පුද්ගලයා ඊයේ (07) රාත්‍රී පාර්සලයක් අතැතිව ප්‍රධාන දොරටුවෙන් පාසලට ඇතුළුවිමට උත්සහ දරා ඇති අතර පාසලේ ආරකෂක නිළධාරියා විසින් ඒ පිළිබඳ මව්පියන් සහ පොලිසිය දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය මෙන්ම මව්පියන් ද එක්ව එම සැකකටයුතු පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබුණ ද එම පුද්ගලයා සොයා ගැනිමට නොහැකි වී ඇති බව සදහන්.

අනතුරුව ආරක්ෂක අංශ විසින් එම පාසලේ පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇති අතර ඇතිවූ තත්ත්වය හේතුවෙන් අද දිනයේ කිසිදු සිසුවෙකු පාසල වෙත පැමිණ නොතිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com