www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පූනායි ෂරියා විශ්වවිද්‍යාලයට හමුදා අනු ඛණ්ඩයක්


2019-05-08 07:45:30 -  1088 යි

පූනායි ෂරියා විශ්වවිද්‍යාලයේ හමුදා අනු ඛණ්ඩයක් පිහිටුවා ඇත.
 
 මේ සඳහා අනුයුක්ත කර ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් පිරිසකි. 
 
 මෙම අනු ඛණ්ඩය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ පිහිටුවනු ලැබුවේ පෙරේදා (06 වැනිදා) දිනයේය. 
 
 ඒ අනුව පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව උද්ගත වූ තත්ත්වය අනුව කාත්තන්කුඩි නගරයේ මෙන්ම ඕලූවිල් විශ්වවිද්‍යාලයේ ද හමුදා කඳවුරු පිහිටුවනු ලැබීය.
 
 එමෙන්ම කාත්තන්කුඩිය වෙත විශේෂ ප‍්‍රහාරක හමුදා යතුරුපැදි කණ්ඩායමක් ද ස්ථානගත කර ඇත. 
 
 හමුදා භට පිරිස් පූනායි ෂරියා විශ්වවිද්‍යාලය පූර්ණ සෝදිසියකට ලක් කර ඉදිරි තත්ත්වය සලකා බලා මෙලෙස හමුදා භට පිරිස් ස්ථානගත කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com