www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන් හෂීම්ගේ තවත් සැලසුමක් වාලච්චේනෙන් හමුවෙයි (PHOTOS)


2019-05-07 07:39:28 -  928 යි

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් ආරක්ෂක අංශ අද සොයා ගත්තා. ඒ වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයේදීයි. මෙම ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනුණා.

පී වී සි නළ දෙකක් තුළ සගවා තිබූ ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිට් පිරවූ බූලියක් ද එහිදී සොයා ගැනුණු බවයි ඊතලය නිවුස් වාර්තාකරු පවසන්නේ. දැනටමත් එහි ගොඩ නැගිල්ලක් ඉදිකර තිබෙන අතර තවත් ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය රුගෙනවිත් තිබුණු බවද ඊතලය නිවුස් වාර්තාකරු පැවසුවා. අත්අඩංගුවට ගත් ඉඩමේ හිමිකරු පවසා ඇත්තේ එහි භූගත බංකර ඉදිකිරීමට ද සැලසුම්කර තිබුනු බවයි. 

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් මීට පෙර කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයෙන් සොයා ගැනුණා. ඔහු විසින් පවත්වාගෙන ගිය තවත් පුහුණු කඳවුරක් නුවරඑළිය බ්ලැක්ෆූල් ප්‍රදේශයේදී අද සොයාගත්  බවයි පොලීසිය පැවසුවේ. මෙම පුහුණු කඳවුරේ 38 දෙනෙකු පුහුණුව ලබා ඇතැයි ද ඒ සඳහා ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂිම් ද සහභාගී වී ඇතැයි ද සඳහන්.





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com