www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තමන්ට ජීවිත දානය ලබා දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් ඉදිරියේ මදුෂ් හඩාවැටේ


2019-05-07 07:34:39 -  1580 යි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලුකරුණු හෙළි කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමන්ට ජීවිත දානය ලබා දෙන ලෙසයි ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම හැඬුම්බරව සිටින බවද ඊතලය නිවුස් වෙත වාර්තා වුණා. යම් බියපත් ස්වරූපයක්ද ඔහු කෙරෙන් නිරීක්ෂණය වන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපලේදීයි. ඔහුගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com