www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නයාරු පුරාණ විහාරයේ දේවාලය පිල්ලයාර් කෝවිල ලෙස නම් කරන්න නියෝගයක්


2019-05-06 19:25:03 -  401 යි

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහ විහාරයේ ගණදෙවි දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල යනුවෙන් නම්කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
නියෝගය ලබාදුන්නේ එස්.ලෙනින්කුමාර් මහතායි.
නයාරු ගුරුකන්ද පුරාණ රජමහ විහාර ස්ථානය වෙත ඇතුළුවී අනවසරයෙන් කැණීම් සිදුකිරීම හා දෙපාර්ශවයක් අතර සාමය කඩවීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩු 2කින් එකක තීන්දුවයි මෙසේ ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ජාතීන් අතර පවතින සමානාත්මතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කරන කරන බවද මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවෙන් පවසා තිඛෙනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුරුකන්ද විහාරස්ථානය පිළිබඳ අධිකරණයේ කරුණු දක්වමින් පවසා තිබුණේ මුලතිව් ගුරුකන්ද රජමහ විහාරස්ථානය පැරණි බෞද්ධ සංඝාවාසයක් වන බවයි.

ඒ අනුව මෙම තීන්දුවට එරෙහිව වව්නියාව මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි අදාළ විහාරය පාර්ශවය තීරණය කර ඇත්තේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com