www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරයට පෙර අවසන් පුහුණුවීම් සිදුකළ නුවරඑලියේ පුහුණු කඳවුර හමුදාවෙන් වටලයි (PHOTOS)


2019-05-06 16:47:50 -  2216 යි

ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කදවුරක් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාවේ නිලධාරීන් විසින් අද (06) වටලා තිබෙනවා. අම්පාර, කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද එම අන්තවාදී සංවිධානයට අයත් සාමාජිකයෙකුගෙන් සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී ඔහුගෙන් ලද තොරතුරු මත මෙම දෙමහල් ගොඩනැගිල්ල තුල පවත්වාගෙන ගිය පුහුණු කඳවුර පිලිබදව තොරතුරු අනාවරණය වී ඇත.

මෙම පුහුණු කදවුර තුල අන්තවාදී සාමාජිකයින්  38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කදවුරට ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සැලසුම්කරණ ලද මොහොමඩ් සහරාන් හෂීම් ද  සහභාගි වි ඇති බව කරුණු හෙළිවී ඇත.

දිවයිනේ ස්ථාන කිහිපයකම අප්‍රේල් මස 21 වෙනිදා සිදු කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් මස 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් මෙහිදී සිදු කල ඇති බවයි දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම පුහුණු කදවුර පවත්වාගෙන ගොස් ඇත්තේ. එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වමින් සිටින බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ.












  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com