www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇමති රිෂාඩ්ගේ නිවසත් පරික්ෂාවට ලක් කරයි


2019-05-06 16:04:10 -  3342 යි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් මන්නාරම තාරපුරම් හි පිහිටි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව මන්නාරම ආරක්ෂක අංශ සදහන් කර සිටිනවා.

මන්නාරම ආරක්ෂක අංශ පැවසූවේ අමාත්‍යවරයාගේ නිවස ඇතුළුව තාරාපුරම්හි තුර්කි නගර් නැමති මුස්ලිම් ගම්මානය පරීක්ෂාකට ලක්  කළ බවයි. මෙම සෝදිසි මෙහෙයුම වෙනුවෙන් යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටිය බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියේ.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස තුළ තිබි කිසිදු සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවූ බවද ආරක්ෂක අංශ සදහන් කර සිටියා.

ආරක්ෂක අංශ පැවසුවේ තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි පිහි කිහිපයක් සොයාගත් අතර අදාළ උපකරණ මන්නාරම පොලිසිය වෙත භාරදුන් බවයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් සිකුරාදා රාත්‍රියේදි මස්කට් නුවර බලා විදෙස් ගතවිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com