www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

17 හැවිරිදි සිසුවිය සමග අඹු සැමියන් ලෙස හැසිරුණු සිව්දරු පියා අතුරුදන්


2019-05-03 13:20:22 -  778 යි

හේවාහැට - අබේරත්න ලෙව්ලියද්ද
 
හාරගම ප්‍රදේශයේ පදිංචි මවක්‌ 17 හැවිරිදි තම දියණිය අතුරුදන්ව ඇතැයි තලාතුඔය පොලිසියට පැමිණිලි කර ඇත.
 
 ඇය පොලිසියට මෙසේ පැවසුවාය.
 
 දුව මහනුවර උසස්‌ කාන්තා විදුහලක උසස්‌ පෙළ විභාගයට ඉගෙන ගන්නවා. මේ ගමේම පදිංචි, ශිවලිංගම් සුබ්‍රමනියම් නමැති, අවුරුදු හතළිස්‌ දෙකක්‌ වයසැති, සිව්දරු පියෙකු සමග සම්බන්ධකම් පැවැත්වූවා. එම සම්බන්ධය වහාම අත්හරින ලෙස මා ඔහුට අවවාද කළා.
 
 පසුගිය මාර්තු 3 වැනිදා රාත්‍රී මා දුවත් සමග එකම ඇඳක නිදාගත්තා. එදා මගේ ස්‌වාමියා ගෙදර සිටියේ නැහැ. පාන්දර බැලුවාම දුව ඇඳේ හිටියේ නැහැ. පසුව මා ශිවලිංගම්, සුබ්‍රමනියන්ගෙ බිරිඳට දුරකථනයෙන් කතාකර ඇගේ ස්‌වාමියා ගෙදර සිටී දැයි ඇසුවා. ස්‌වාමියා ගෙදර නැති බව ඇය කිව්වා. 
 
 පසුව අතුරුදන්ව සිටි ඇගේ දියණිය නිවසට පැමිණ ඇති අතර ඇයත් සමග මව, පසුගිය 11 වැනිදා තලාතුඔය පොලිසියට පැමිණි අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිය ඇතුළු නිලධාරීනියන් ආ ගිය විස්‌තර දියණියගෙන් විමසන ලදුව ඇය මෙසේ පවසා ඇත.
 
 සුබ්‍රමනියම් සමග මගේ අවුරුදු තුනක පමණ ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. මාර්තු 03 වැනිදා, අලුයම නිවසින් බැහැරව ඔහු සමග පලාගොස්‌, මයිලපිටියේ රණවිරුඋයන ඉස්‌සරහ ගෙදරක අඹුසැමියන් ලෙස සිටියා. පසුව ඔහු ආගිය අතක්‌ නැහැ. මා ගෙදර ආවා.
 
 පසුව දැරිය තලාතුඔය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් මහනුවර රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර, වාර්තාවක්‌ ලබාගත් අතර, අප්‍රේල් 12 දා දැරිය මහනුවර අංක 01 අතිරේක මහෙස්‌ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය වෙතට යොමු කර ඇත.
 
 පසුව දැරිය වෙරළුවත්ත රජයේ ළමා නිවාසයේ රැඳවීමට නියෝග කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියෝග කළාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com