www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරානය රැගෙන ගිය හේතුව හිමිනම කියයි


2019-04-29 11:43:04 -  620 යි

මහරගම දහම් මාවතේ දී කුරානය සන්තකයේ තිබූ ස්වාමීන් වහන්සේනමක් ප්‍රදේශවාසීන් විසින් නවතාගෙන පොලිසියට භාර දීමේ සිද්ධියක් ඊයේ (28) සවස වාර්තා වුණා.

අදාළ හිමිනම නාවලපිටියේ සිට පැමිනි බවයි සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබුණේ.

පසුව අදාළ හිමිනමව මහරගම පොලිසියට රැගෙන ගොස් විමර්ශන සිදු කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ කුරානයේ සිංහල පිටපතක් ළඟ තබාගෙන ඇත්තේ එහි අධ්‍යනය කටයුතු සඳහා බවයි.

අදාළ හිමිනම මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බවද හෙළි වී තිබෙනවා.

එහිදී සැක කටයුතු කිසිඳු කරුණක් අනාවරණය නොවීම හේතුවෙන් හිමිනම පොලිසියෙන් පිටත් කර හැරි බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. 

හිමිනම සන්තකයේ තිබූ කුරානයේ සිංහල පිටපත බිම වැටී තිබූ අවස්ථාවකදී එයට විරුද්ධව හිමිනම නොසන්සුන් වූ බවද මීට පෙර වාර්තා වී තිබුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා මහරගම පොලිසිය වෙත රැගෙන ගොස් සිටි හිමිනම විමර්ශනවලින් පසුව මෙලෙස මුදා හැරුණා.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com