www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කලබල අස්සේ බිරිඳගේ අනියම් සම්බන්ධය හොයන්න සැමියෙක් පොලිසියට කෝල් එකක් දීලා කරපු වැඩක්


2019-04-24 22:06:41 -  821 යි

බිරිඳ සහ අනියම් සැමියාගේ සම්බන්ධය හෙළි දරව් කරගැනීම සඳහා සැමියෙකු විසින් සැක කටයුතු යුවලක් ලැගුම් හලක සිටින බවට ඇමතුමක් ලබා දීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.

කොළඹ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාර වලට ලක් වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක අසල සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විමර්ශනය කරමින් සිටියදී එකවරම දුරකථන ඇමතුමකින් අයෙකු පොලීසියට තොරතුරක් ලබා දී තිබිණි. එම තොරතුර කියැවී ඇත්තේ දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ ලැගුම්හලක යුවලක් අලුයම් කාලයේ සිට රැඳී සිටින බවය.

එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව විස්තර කිසිවක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම පොලිස් කණ්ඩායමක් කැඳවා සැකකටයුතු ලැගුම්හල පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබීය.

කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම මෙම ලැගුම්හල වට කොට අදාල කාමරය දොර විවෘත කිරීමට ලැගුම්හල් හිමිකාරිනියට පොලිසිය අණකළ කළේය.

පසුව එම කාමරයේ කාන්තාවක් සහ පිරිමි අයෙකු සිටි අතර එක වැරම ලැගුම්හලේ පිටත සිට තවත් පුද්ගලයෙකු එම ස්ථානයට දිව එන්නට විය. ඔහු කියා සිටියේ මෙම ඇමතුම ලබා දුන්නේ පොලිසියට තමන් බවත් මෙම කාමරයේ සිටින්නේ තමාගේ බිරිද අනියම් සැමියා සමග පැමිණ බව කෑකෝගසන්නට විය.

නිවසින් සේවයට යන බව පවසා ඇය පැමිණි බවත් නිතර නිතර තම බිරිද වෙනත් පුරුෂයකු සමග මේ ආකාරයෙන් ලැගුම්හල්වල සිට රැකියාවට යන බවද ඔහු කෑකෝගසන්නට විය.

පසුව විහාර හන්දිය ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල් හිමිකාරිනිය ට පොලිසිය කියා සිටියේ නවාතැන් පොළ යනු මෙයාකාරයෙන්  පැයට දෙකට කාමර ලබාදීමේ ක්‍රමවේදය සිදු නොවිය යුතු බවය. එහෙත් ඇය කෑ ගසන්නට වූයේ පැයට දෙකට කාමර ලබාදීම ඇයගේ රැකියාව බව පවසමිනි.

කෙසේ වෙතත් සැකකාර යුවළ අත්අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිලධාරීන් පෞද්ගලික ප්‍රශ්න තම තමන්ට විසඳාගන්නා ලෙස පවසමින් ඇමතුම ලබාදුන් සැමියාට දැඩි ලෙස අවවාද කොට පිටත් වන්නට වූහ.

දඹුල්ල කේ.කේ .ආරියදාස


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com