www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආරක්ෂක ලේකම් ධූරය ගැන කිසිදු දැනුම් දීමක් කර නැහැ - දයා රත්නායක


2019-04-24 20:17:53 -  479 යි

ආරක්ෂක ලේකම් ධුරය සදහා හිටපු යුද හමුදාපති, ජනරාල් දයා රත්නායක පත්කර ඇති බවට රාවයක් පැතිර ගොස් තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනරාල් දයා රත්නායකගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවෙකු විසින් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි. 

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එහිදී ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ තමන් අතින් යම් වරදක් සිදුව ඇති බවට ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් එම වගකීමෙන් කොටසක් හෝ භාර ගැනීමට සූදානම් බවයි.

ආරක්ෂක ලේකම් ධුරය සදහා සුදුස්සෙකු පත් කර, තමන්ට ඉවත් වන ලෙස දැනුම් දෙන්නේ නම් ඒ සදහා සූදානම් බවද ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com