www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජලය හිඟ නිසා අයිස් කුට්ටිවලින් කසිප්පු පෙරූ සිද්ධියක්‌ පළමු වරට වාර්තාවේ!


2019-04-17 07:10:59 -  491 යි

වියළි කාලගුණය නිසා ජලය හිඟ බැවින් ශීතාගාරවලින් ලබාගත් විශාල අයිස් කුට්ටි උපයෝගී කරගෙන උත්සව සමයට කසිප්පු පෙරූ දෙදෙනකුට මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හේමමාලා හාල්පන්දෙනිය මහත්මිය විසින් රුපියල් පනස්හයදහසක දඩ නියම කෙරිණි.
 
 මෙසේ දඩ නියම වූයේ මතුගම කටුගහහේන ප‍්‍රදේශයේ පදිංචි මද්දගේ විජිත කුමාර හා මද්දගේ රොෂාන් චන්දන කුමාර යන අයවලූන්ටය. 
 
 බේරුවල ධීවර වරායේ ශීතාගාරවලින් ලබාගත් විශාල අයිස් කුට්ටි උපයෝගි කරගෙන කසිප්පු පෙරූ දෙදෙනා මතුගම කටුගහහේන ප‍්‍රදේශයේදී මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 
 
 මෙම ප‍්‍රදේශයේ අයිස් කුට්ටි උපයෝගි කර කසිප්පු පෙරූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව පොලිසිය පවසයි. කසිප්පු පෙරීමේදී සිසිල්කරණය සඳහා අයිස් කුට්ටි උපයෝගී කරගෙන ඇත. 
 
 මතුගම පොලිසියට ලද තොරතුරක් මත මතුගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක ජී. ඒ. ජේ. එන්. සේනාරත්නගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක පී. ඞී. කේ. රුද්‍රිගු මහතාගේ මෙහෙයවීමෙන් අතුල (පො. සැ. 24062), වික‍්‍රමසිංහ (පො. කො. 33038), චාමිකර (පො. කො. 70615), ලක්මාල් (පො. කො. (32584), සම්පත් ( පො. කො. 32994) හා කාංගර (පො. කො. 91351) යන මහතුන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com