www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විකිලික්‌ස්‌ නිර්මාතෘ අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස්‌ අත්අඩංගුවට


2019-04-12 08:02:36 -  233 යි

කීර්ති වර්ණකුලසූරිය
 
 විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිසිය ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන ඇත. 
 
 ලන්ඩන් නුවර ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටි අසන්ඡේගේ දේශපාලන රැකවරණය ඉක්‌වදොaර් රජය ඉවත් කර මොහොතකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ.
 
 2012 වසරේ සිට ඔහු ඉක්‌වදෝර් තානාපති කාර්යාලයේ රැඳී සිටි අතර ස්‌විස්‌ රජය ඔහුට එරෙහිව ලිංගික හිංසන චෝදනා ඉදිරිපත් කර තිබුණි.
 
 මේ අතර බ්‍රිතාන්‍ය වෙස්‌ට්‌මිනිස්‌ටර් අධිකරණය අසන්ඡේ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක්‌ද ප්‍රකාශ කර තිබුණි.
 
 අත්අඩංගුවට ගනු ලැබූ අසන්ඡේ ස්‌විඩනයට පිටුවහල් කරන ලෙස ස්‌වීඩන් රජය ඊයේ බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com