www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැඩ කරපු වැටුප නොදුන් නිසා අවුරුදු හතරක දරුවෙකු දූෂණය කරලා - සැකකරු පොලිසියට කොටුවෙයි


2019-04-11 11:54:17 -  261 යි

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ කිතුල්කෝටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරයි මාස දහයක් වන පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකල පුද්ගලයකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපයෝජනයට ලක් වූ දරුවාගේ සීයා මෙම සැකකරු සමග කූලි වැඩ කර ඇති අතර එලෙස වැඩකල වැටුප රැගෙන යාම සදහා සැකකරු එම නිවස වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු නිවසේ තිබු වාහනයක රෝදයක් ගලවාගෙන  මුදල් දෙන තුරු රෝදය නොදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නොමැති බව දැනගත් සැකකරු දරුවා නිවසේ කාමරයක් තුලට රැගෙන ගොස් දරුවා  ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි විවාහක පුද්ගලයකු වන අතර ඔහුටද කුඩා දරුවෙකු සිටින බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com