www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දකුණු රටේ ආණ්ඩුව කල් ඉකුත්වෙයි !


2019-04-11 09:51:27 -  166 යි

දකුණු පළාත් සභාව අද (10) රාත්‍රියේ විසුරුවා හැරීමට නියමිතය. ඒ එම පළාත් සභාවේ කාලසීමා අවසන් වීම හේතුවෙනි.

පළාත් සභාව විසුරුවා හැරීමට අදාල ගැසට් නිවේදනය සඳහා පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මේ වනවිට අත්සන් තබා තිබේ.

ඒ අනුව මේ වනවිට පළාත් සභා 07 ක් විසරුවා හැර තිබෙන අතර තවදුරටත් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත් සභාව සහ ඌව පළාත් සභාව පමණි. බස්නාහිර පළාත් සභාවේ නිළ කාලය අප්‍රේල් 29 වනවිට අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිළ කාලය ලබන සැප්තැම්බර් 29 වැනිදා වනවිට අවසන් වේ.

කෙසේ වෙතත් මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් සභා සඳහා මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයකට එළඹ නොමැත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com