www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට සයනයිඞ් කුප්පියක් - සිරින්ජරයක් ගෙනැත්


2019-04-10 08:16:38 -  238 යි

සමන් ගමගේ
 
පාතාල ප‍්‍රබලයකු ඝාතනය කිරීම සදහා කොළඹ මැගසින් බන්ධනාගාරය තුළට ගෙනවිත් සගවා තිබූ මාරාන්තික විෂ සහිත සයනයිඞ් කුප්පියක් සහ එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් පෙරේදා (8 දා) සිදු කළ සෝදිසියකදී බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.
 
මෙම සයනයිඞ් සහිත කුප්පිය සහ සිරින්ජරය ගෙනැවිත් සගවා තිබුණේ මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින මිනිස් ඝාතන සහ කුඩු ජාවාරමට සම්බන්ධ රත්මලාන ගොනාකෝවිලේ රෝහා නමැති පාතාල ප‍්‍රබලයා ඝාතනය කිරීමට බව බන්ධනාගාර බලධාරීන් මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
මෙම සයිනයිඞ් බන්ධනාගාරයට තුළට ගෙන්වා ගත් බවට සැකකරන වෙනත් පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනකු මේ වන විට බන්ධනාගාර බලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරයේම සිරකුටි දෙකක රඳවා තබා ඇතැයි බන්ධනාගර ප‍්‍රකාශකයෙක් පැවසීය. 
 
උසස් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළද සර්ලාට ඕවා වැඩක් නැහැ යැයි පවසා ඇති එම පාතාල සාමාජිකයන් දෙදෙනා මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් හෙළි නොකළ බවද හෙතෙම පැවසීය. 
 
මෙම සයනයිඞ් සහිත කුප්පිය සහ සිරින්ජරය බන්ධනාගාරය තුළට ගෙනැවිත් පාතාල සාමාජිකයන් දෙදෙනා අතට පත් කළේ බන්ධනාගාර නිලධාරියකුදැයි මේ වන විට සැකයක් මතුවී තිබේ.
 
සිද්ධියත් සමග ඒ පිළිබද විමර්ශන පැවත්වීම සඳහා බොරැුල්ල පොලිසියට දැනුම් දීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 
 
ඒ අනුව ඊයේ (9 දා) දහවල් වන විට බොරැුල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com