www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තංගල්ලේ සංචාරක හෝටලයක ෆේස්බුක් සාදයක් - මත්‍ද්‍රව්‍ය භාවිතා කළ කාන්තාවන් ඇතුලු පිරිසක් අත්අඩංගුවට


2019-04-07 16:42:26 -  175 යි

තංගල්ල මැඩිල්ල ප‍්‍රදේශයේ පැවැති ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කළ කාන්තාවන් 05දෙනෙකු ඇතුළු 11දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ පැවැති මෙම ෆේස්බුක් සාදයේදී ගංජා සහ මත්පැන් බෝතල් 10ක්ද සොයා ගත් බව පොලීසිය පවසනවා. 

අත්අඩංගුවට ගත්තේ කඩවත, කැකිරාව, හිඟුරක්ගොඩ, රාගම සහ මාතර යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක්. ඔවුන් අවුරුදු 17ත් 26ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන් බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගැනුණු පිරිස තංගල්ල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com