www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රෝගාතුර වූ විදේශිය නාවිකයෙකු බේරා ගැනීමට නාවික හමුදාවෙන් මෙහෙයුමක්


2019-04-07 16:39:53 -  138 යි

මුහුදේ දී රෝගාතුර වූ විදේශීය නාවිකයෙකු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. 

ඒ, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කළ දැනුම් දීමකට අනුවයි. 

මෙලෙස හදිසියේ රෝගාතුර වී සිටියේ ලිබියාවට අයත් වෙළඳ නෞකාවක නාවිකයෙක්. තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අයත් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවක් මගින් අදාළ නාවිකයා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය පරිශ‍්‍රයට රැගෙන ආවා. 

පසුව වැඩිදුර පරීක්ෂණ සඳ හා ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදාව පැවසුවේ. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com