www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඝාතන චෝදනාවෙන් අර්ජුනගේ ආරක්‍ෂක නිදහස්‌ කෙරෙයි


2019-04-06 09:29:37 -  240 යි

ඒ. ඡේ. ඒ. අබේනායක
 
 දෙමටගොඩ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථා මූලස්‌ථානය තුළදී ඇතිවූ ගැටුමකදී පුද්ගලයකුට වෙඩි තබා මරණයට පත්කිරීමේ චෝදනාවෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්‌ෂාව සඳහා යොදවා සිටි ඇමැති ආරක්‌ෂක ඒකකයේ පොලිස්‌ සැරයන්වරයා නිදහස්‌ කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (05 දා) නියෝග කළාය.
 
 එම සැකකරුට එරෙහිව තවදුරටත් නීතිමය පියවර නොගන්නා බව නීතිපතිවරයා ලිතව දන්වා ඇතැයි පෙන්වා දෙමින් කොළඹ අපරාධ කොට්‌ඨාසය කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය පොලිස්‌ සැරයන් අරුණ ශ්‍රී නන්දන සිල්වා මහතාව එකී චෝදනාවෙන් නිදහස්‌ කිරීමට නියෝග කළාය. 
 
 පසුගිය ඔක්‌තෝබර් 28 වැනිදා යම්කිසි කරුණක්‌ සඳහා තෙල් සංස්‌ථා මූලස්‌ථානයට ගොස්‌ තිබූ අර්ජුන රණතුංග මහතාට පහරදීමට උත්සාහ දැරීමේදී එම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස්‌ සැරයන්වරයා මාස හතරකට ආසන්න කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ඇපමත මුදාහැරීමට ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කොට තිබිණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com