www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Phone එකයි Tab එකයි දෙකම එකට


2019-04-05 08:27:56 -  476 යි

මෙය නැමිය හැකි ටැබ්ලට් උපාංගයක් ලෙස හැඳින්වීමට හැකියි. මෙම උපාංගය අඟල් 8ක් වන අතර එහි OLED Capacitive touch screen එකක් අඩංගු වෙනවා. එම නැමෙනසුලු තිරය නිසා මෙය සාක්කුවේ දාගෙන යා හැකි ආකාරයට නැවිය හැකි වෙනවා. එය නැවූ පසු එහි තිරය අඟල් 6.6ක්.

මෙහි තනි බැටරියක් වෙනුවට කොටස් දෙකෙහි බැටරි දෙකක් අඩංගු කර තිබෙනවා. එයට හේතුව තමා මෙය නැවෙන නිසා තනි බැටරියක් අඩංගු කිරීමට අපහසු වීම. මෙහි නැවුම් දාරය විශාලව පවතින නිසා මේ උපාංගය නැවූ පසු තරමක් මහතකින් යුක්ත වනවා.

මෙය ටැබ්ලට් එකක් සහ දුරකතනයක් යන දෙයාකාරයටම ක්‍රියාත්මක කළ හැකි ලෙසයි ඩිසයින් කර තිබෙන්නේ. ඒ අනුව මෙය ටැබ් ආකාරයට භාවිත කිරීමේදී මල්ටි ටාස්කින් අත්දැකීමද බොහොම හොඳට අත්විඳින්න පුළුවන්.

මෙහි කැමරා ලෙන්සස් තුනක් ඇතුළත් වෙලා තියෙනවා. එයින් හුවාවි p30 දුරකතනයේ අඩංගු කැමරා අත්දැකීමම ලබාගන්න පුළුවන් බව තමයි හුවාවි ආයතනය ප්‍රකාශ කරන්නේ.

මෙහි දැනට සීමිත දුරකතන ප්‍රමාණයක් පමණයි නිපදවා තිබෙන්නේ. ඉතාමත් ඉක්මනින්ම මෙය වෙළෙඳපොළට නිකුත් කිරීමට හුවාවි ආයතනය කටයුතු කරනවා ඇති.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com