www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු පහයි මාස හතක් වයසැති තම දුවට අතවර කළ ඇතිමලේ පියා අත්අඩංගුවට


2019-03-28 07:40:01 -  417 යි

අවුරුදු පහයි මාස හතක් වයසැති තම දියණියට බරපතළ ලිංගික අතවරකිරීම සම්බන්ධයෙන් තිස් පස් හැවිරිදි දෙදරු පියෙකු පෙරේදා (26) ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

ඇතිමලේ කොටියාගල දෙව්පුදගම පදිංචි අතවරයටලක්වූ දැරියට ඇයගේ පියා මීට මාස තුනක පමණ කාලයක සිට අතවර කරන බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනගැනීමෙන් පසු දැරියගේ මව මඟින් ඒ පිළිබඳව ඇතිමලේ පොලීසියට පැමිණිලිකැර තිබේ.

අතවරයටලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත්කැර ඇත.

සැකකරු ඊයේ (27) සියඹලාණ්ඩුව මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති නිලන්ත බුලත්සිංහල මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com