www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධුසමය දා නිදි යහනට ආ නිට්ටෑවා නිසා හෝටලයේ ඇති වූ කලබලය


2019-03-27 07:58:54 -  410 යි

මනාලිය තම මනාලයාගේ මුහුණ මධුසමය දා පහුරු ගෑ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධිය සිදුව ඇත්තේ මහනුවර හෝටලයක් තුල බවයි වාර්තා වන්නේ.

සිද්ධිය වාර්තා වන්නේ මෙසේයි.

මෙම යුවල මංගල යෝජනාවකින් විවාහයට පත් වී ඇති අතර මනාලයා පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවන අතර මනාලිය රජයේ රැකියාවක නිරතවන අයෙක් බවයි වාර්තා වන්නේ.

ඇය ඉතා රූමත් කාන්තාවකි.

පසුගිය සති අන්තයේ මොවුන් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක මහා ඉහළින් විවාහ උත්සවය ගෙන ඇති බව සඳහන්.

ඉන්පසුව රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ලෝකයේ තනි වී තිබෙනවා.

මනාලයා මුළු හෝටලයම ඇසෙන්නට කෑකෝ ගසමින් මධ්‍යම රාත්‍රියේ දී මුහුණේ ලේ පෙරෙන තුවාල සහිතව හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණ තිබෙන අතර එහි ඔහු පැමිණ ඇත්තේ නිදි ඇදුමෙන් බවයි වාර්තා වන්නේ.

පසුව හෝටල් කාර්යමණ්ඩලය සිදුවූ අනපේක්ෂිත සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ මනාලිය නින්දේ පසුවන අවස්ථාවේදී සිහිනෙන් නිට්ටෑවෙකුගේ ග්‍රහණයට හසු වූ බව දැනී ඇති අතර එම සත්වයාගෙන් බේරීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com