www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගෙන් මුදල් කොල්ලකන්න ආපු 3ක් බඩුත් එක්ක මාට්ටු


2019-03-18 08:54:41 -  261 යි

ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයක් සමඟ ඇල්පිටිය මන්ඩකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය පොලිස් ස්ථානයේ නිළධාරීන්  සිදුකළ විමර්ශනයක් දී එම මෝටර් රථය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් වෙයි.

එහිදී අදාළ මෝටර් රථය තුළ තිබී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ව්‍යාජ ලෙස සකසන ලද ගිනිඅවියක්, මිලිමිටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 03ක්, මන්නා පිහි 2ක්, මුහුණු ආවරණ 4ක් සහ සොරකම් කරන ලද වාහන අංක තහඩු දෙකක් සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් අම්බන්ගොඩ, ඌරගහ, වතුගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(18) ඇල්පිටිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් වයස අවුරුදු 38,36 හා 20 පසුවන බව ද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අම්බලන්ගොඩ හා ඌරගහ ප්‍රදේශවල ව්‍යපාරිකයන් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමට පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com