www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Porn Videos වලට ඇබ්බැහි වෙලාද?


2019-03-18 07:42:38 -  562 යි

ලංකාවේ දික්කසාද නඩු පෝලිම ගැන අපි අමතුවෙන් කතාකල යුතු නෑ. ඒ දික්කසාද නඩු අතරින් යම් ප්‍රතිශතයකට හේතුවෙලා තියෙන්නේ දෙන්නා අතර ලිංගිකත්වය පදනම් කරගත්ත ගැටළු තමයි. ඒ අතරින් අහන්න ලැබුණ එක සංවේදී සිද්ධියක් ඒ කාන්තාවගේ වචන වලින්ම කියනවනම් මෙහෙමයි.

මගේ හස්බන්ඩ් බොහොම හොඳ කෙනෙක්..හොඳ රස්සාවක් කරනවා. මට ගොඩක් ආදරෙයි.. කසාද බැඳපු දවසේ ඉඳන් මාත් එක්ක බොහොම හොඳින් හිටියා. අපි සතුටින් ලිංගික ජීවිතයත් ගතකලා.. ඒත් ටික දවසකට පස්සේ එයා ටික ටික මගෙත් එක්ක ලිංගිකව ඉන්න එක මගහරින්න පටන්ගත්තා..අමාරුවෙන් කතාකරලා එකට ඉන්න හැදුවත් එයා කැමති මගේ අත්වලින් හරි කටින් හරි එයාට ලිංගික සතුටක් දෙන එකට විතරයි.. අභ්‍යන්තර ලිංගික එකතුවීමකට වැඩි කැමැත්තක් තිබුණේ නෑ..අපි දෙන්නම බඳින්න කලින් ඉඳන්ම දරුවෝ හදන එක ගැන පවා කතා කලා..ඒත් ටික දවසකින් ඒ සේරම වෙනස් වුණා..දවසක් මේ ගැන අපි දෙන්න අතරේ කතාවක් ඇතිවෙලා ඒක රණ්ඩුවක් දක්වා ගියා..පස්සේ හස්බන්ඩ් මට කිව්වා එයා ඉස්කෝලේ යන කාලේ ඉඳන් හොරෙන් සෙක්ස් වීඩියෝ බලන්න පුරුදුවෙලා ඉන්නවා..අදටත් ඒක එයාට නවත්තගන්න බෑ කියලා..එයාට සතුටු වෙන්න පුළුවන් ඒ සෙක්ස් වීඩියෝ බලලා ස්වයං වින්දනය ලබන එකෙන් හරි, එහෙම දෙයක් ඇත්තටම බලන් ඉන්න එකෙන් හරි විතරයි කියලා..

කෙහොමවුනත් මම ඒ තත්ත්වය තේරුම් අරගෙන එයාගේ ඒ පුරුද්ද අතෑරගන්න එයාට උදව් කරන්න හැදුවා..ඒත් ඒක සාර්ථක වුනේ නෑ..පස්සේ අපි අතරේ ප්‍රශ්න බොහොම දුරදිග ගියා..ඒකේ කෙළවර තමයි දික්කසාද දක්වා ආවේ

කාන්තාව හැඟීම්බරව එහෙම කියලා කඳුළු පිහදාගත්තා.

අද වෙනකොටත් ලෝකේ බොහොමයක් තරුණයන් පමණක් නොවෙයි තරුණියන්ද මේ විදිහට ලිංගික දර්ශන අඩංගු වීඩියෝ පට නරඹනවා. අන්තර්ජාලය, සීඩී තැටි ඕනෑතරම් හොයාගන්න පුළුවන්. ඒ නිසාම අද වෙනකොට ලෝකේ මේක විශාල ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් විශාල ජාවාරමක් බවට පත්වෙලා තිබෙනවා.

බොහොමයක් මේ ලිංගික දර්ශනවල තිබෙන්නේ තාත්වික නොව හැඟීම් අවුස්සන දර්ශන සහ සිදුවීම් බව හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ මහචාර්යවරයෙක් පවසලා තිබෙනවා. ඔහු කියන විදිහට මෙවැනි දර්ශන වලට ඇබ්බැහිවුණ කෙනෙක්ට වෙන්න පුළුවන් ඛේදජනකම දේ තමයි සාමාන්‍ය ලිංගික අත්දැකීම්වලින් සතුටුවෙන්න බැරි තත්ත්වයකට පත්වෙන එකයි කියලා.

ඒ කියන්නේ එවැනි ලිංගික දර්ශනවල අඩංගු කෘත්‍රීම ක්‍රමවේදයන් සහ අතාත්වික හැඟීම් හිතේ තියාගෙන තමන්ගේ සහකාරිය හෝ සහකරු එක්ක ලිංගිකව එකතුවෙන්න ගිහින් ඒවා ඒ විදිහට සිද්ධ නොවුණම ඇතිවෙන පශ්චාත්තාපය කළකිරීමක් බවට පත්වෙලා අවසානයේ යුග ජීවිත කඩාගෙන වැටෙන තැනකට පත්වෙන්න පුළුවන්.

ඒ නිසා හොදම දේ තමයි මේ ගැන අවබෝධය ඇතුව බලන එක සහ හැකිනම් එවැනි ලිංගික දර්ශන වෙනුවට ලිංගික අධ්‍යාපනික වැඩසටහන් නරඹන්න පුළුවන්නම් ලිංගිකත්වය, සාර්ථක ලිංගික ජීවිතයකට මග කියන බොහොමයක් දැනුම ලබාගන්න පුළුවන්. එය හුදු ලිංගිකාස්වාදය මතුකරන වීඩියෝවකට වඩා වැදගත් දෙයක්.

ඒ වගේම Porn Videos වලට ඇබ්බැහි වෙලා ඒවා මානසික ප්‍රශ්නයක් හෝ යුග දිවියේ ගැටළුවක් දක්වා ඇවිත් ඉන්න අය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔවුන් මනෝවිද්‍යා උපදේශකයෙක් ලඟට හෝ මනෝ චිකිත්සකවරයෙක් ලඟට එක්කගෙන යන එක.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com