www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිවෙස් ඉදිරිපිට සවිකර ඇති ආරක්ෂිත කැමරා වහාම ගලවා දමන්නැයි ආවා කල්ලියෙන් ලිඛිත නියෝගයක්


2019-03-16 13:32:11 -  451 යි

මහා සිවරාත්‍රිය වෙනුවෙන් උතුරේ ප්‍රධාන උත්සවය සංවිධානය කර තිබුණේ මන්නාරම තිරුකේතීෂ්වරන් කෝවිල කේන්ද්‍ර කරගනිමිනි. එහෙත් එදින රාත්‍රියේ කිසියම් පිරිසක් තිරුකේතීෂ්වරන් කෝවිලට පිවිසෙන මාර්ගයේ ඉදිකර තිබූ තොරණ කඩා බිඳදමා තිබිණ. මෙය හින්දු බැතිමතුන්ගේ කනස්සල්ලට මෙන්ම අප්‍රසාදයට ලක් වූ කරුණක් විය.

මෙම සිද්ධිය හෙළා දකිමින් මන්නාරමේ ආගමික නායකයන්ගේ සංසදය විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබිණි. මෙවැනි දේ කිරීමෙන් කිසිවකුටත් ප්‍රයෝජනයක් නොලැබෙන බවත් එවැනි ක්‍රියාදාමයන්ගෙන් සිදුවන්නේ සිත් රිදීම් පමණක් බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

කෙසේ වුවද ජනතාව එක්ව මෙම තොරණ යළි ඉදිකිරීමට පියවර ගත්හ. මේ අතර වව්නියාව නෙදුන්කර්ණි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වූ දෙමළ සන්ධාන මහජන නියෝජිතයන් පිරිසක් එම භූමියේ මහා ශිවරාත්‍රී පූජාවක් පැවැත් වූ බවද වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන් හා එස්. ශ්‍රීධරන් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු මෙම කණ්ඩායමට ඇතුළු වූහ.

මතභේදයට තුඩු දී ඇති මෙම භූමියේ මීට පෙරද විවිධ පූජාවන් පැවැත්වීමට දෙමළ සන්ධානය උත්සාහ දැරූ අතර මෙවර ඔවුන් බලහත්කාරයෙන් එම භූමියට ඇතුළු වී ඇත්තේ බලය පෙන්වීමට බව බොහෝ දෙනාගේ මතය වී ඇත. යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලිය යාපනයේ ජනතාවට අනතුරු ඇඟවීම් කරමින් අවවාදාත්මක ලිපියක් යොමුකර තිබේ. මේ සම්බන්ධයෙන් ද දෙමළ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණි. නිවෙස් ඉදිරිපිට සවිකර ඇති ආරක්ෂිත කැමරා (සීසීටීවී) වහාම ගලවා ඉවත්කරන ලෙස එම ලිපියෙන් දැනුම් දී ඇත.

ඔබගේ නිවෙස්වල සවිකර ඇති ආරක්ෂිත කැමරා හේතුවෙන් අපගේ සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. එහෙයින් මෙම අවවාදය තදින් පිළිගෙන අාරක්ෂිත කැමරා ගලවා දමන ලෙස මෙයින් දන්වා සිටිනවා. යැයි ආවා කල්ලියේ නමින් නිකුත් කර ඇති එම ලිපියේ දන්වා ඇත.

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා වූයේ අශෝක් කුමාර් නමැත්තෙකි. ඔහු පසුගිය කාලයේ පොලිසියට භාර විය. ඉන් පසුව හා ඊට පෙරද ආවා කල්ලියේ සෙසු සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

එසේ නම් ආවා කල්ලිය නමින් මෙසේ කටයුතු කරන්නේ කවුරුන්ද ? එසේ නම් ඔවුන් මේ අයුරින් කටයුතු කරන්නේ කාගේ හෝ වුමනාවකටද යන්න සොයාගත යුතුය. එසේ නොමැතිව වාර්තාවන සෑම සිද්ධියකටම ආවා කල්ලිය සම්බන්ධ යැයි කියමින් ඇඟ බේරා ගැනීමෙන් සිදුවන්නේ ආවා කල්ලියේ නමින් අපරාධ සිදු කරන්නන්ට තවදුරටත් එම ක්‍රියාවන්හි නිරත වීමට අවස්ථාව සලසා දීමය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com